Monday, September 2, 2013

නුඹ මම අපි

නොසිතන්න නොහැකි නුඹ හට
කියවන්න නොදුන් මගෙ හිත..
පවසන්නෙ කෙළෙස මේ හැටි
හිනැහෙන්න මෙමට එයමෑති..

ඉතින් මුමුණන්න
තවත් සැනහෙන්න
මෙදියතේ සොඳුරුතම
ආදරේ අපෙ වෙන්න...

Friday, August 30, 2013

පොඩි හිතට දුක් කඳුලු කිසිත් නොම දැනීයන්..

නිල් අහස තරු වියන බෝ දුරයි හිතෙනවා
සිනා කැන් දඵ දාපු මතකයන් මැවෙනවා
විඳින්නේ ජීවීතේ හැබෑවයි දැනෙනවා
දුක සැපට ළඟ උන්නු සිත රුවක් සොයනවා

තරු කැට දිලි නුවන් මට බොරු කළාදෝ
සෙහෙහසින් කළ දෑ ඔබට නොපෙනුණාදෝ 
හිත් නැති සිතුවමක් මට හමු වුණාදෝ
කවි සිතක් මෙතරම්ම නපුරු වුණාදෝ

ඇත්ත ඇති සැටියෙන්ම මියදෙන්න ඉඩ හරිමි 
රිදෙන ඔය මතකයෙන් සදහටම දුරස් වෙමි
දුක සිතෙන නුබේ නෙතට යලි කදුලු බිඳක් වෙමි
සියලු දුක් මම රුගෙන සුසුමක්ව පලා යමි

තබන හැම පියවරක් පාසා මල් පියලි මැවීයන් 
හැමදෙනා මියැසි කැල සේ ළඟම රුදීයන් 
මෙදියතේ හැම සැපම හත් පුරා ලැබීයන් 
පොඩි හිතට දුක් කඳුලු කිසිත් නොම දැනීයන්

කුරුටු ගෑවේ: ධනංජය දිසානායක

Monday, August 26, 2013

සඳ- ඇය සහ සපිරි ගෙය....

විලිදිය මතට සහසක් සියපත් පිපුණු 
කල් දිගු රැයක සෙනෙහස නිම් හිමි නොවුණු 
මේ සඳ පෙරදාක කවුළුවකින් පැමිණ
 මතකද නුඔට සෙවණැලි තැනුවා සොදුර...........

සිර කුටියට වුණත් සඳ එනවා තාම
 නුඔ නැති අඩුව පමණයි සිත ළඟ තාම
නෑවිත් ඉන්න කීවත් නොඅසන සීත
උණුසුම නැතිව දුක් වෙන හිත ළඟ තාම...............

තව දුර යන්න නුඔ හා සමඟින් එක් වී 
දුටු හීනයට ළං වෙන්න්ටවත් නොහැකී 
සත්තයි තුන් හිතේ නෑ අහිතක් ගෑවී 
සඳ නුඔ අළුත් අහසක පායාපන් හිනැහී.........

කුරුටු ගෑවේ: ධනංජය දිසානායක

Saturday, August 24, 2013

කිරි කඳුල

නීල දියවර ගලන දෑසට 
රැළිත්තක් විය හෙමි හෙමින් පැද්දෙන
 කඳුළු මුතු කැට නඟන දෙනෙතට 
මදහසක් විය සිරිය කැන්දන
 සිරුර සරනා රුධිර බිඳු ගෙන
 කිරි කඳුළු කොට පෙවූ නුඹ ගැන 
ගලපන්නේ පද කෝම තව තව
 නෙතේ කඳුළැල් බොඳව යන කළ 
සිරීපාද කඳු මුඳුන පෙනි පෙනී
 පාද පද්මය නොවැද ආවෙම
 කුසෙහි වැඩෙනා බිළිඳු හීනෙක 
කාන්සියක් හෙම දැනෙයි කියලද 
පාද පද්මය නොවැද ආවට 
පව් පිරෙන්නෑ අම්මේ නුඹ හට
 නුඹේ හිතේ ඇති පුණ්ය මහිමය 
නොමිනිසුන් නොව බුදුන් ඇති කළ 
කණාමැදිරි එළියකුඳු නැති ගෙපැළ
 එළිය කළ සඳ වතුර විය 
නුඹේ නෙත් බැල්ම 
කලාවැවේ දිය පොදට වඩා නුඹ
 සිසිල් විය දැවී සැලෙනා සිතට
 හමන අරලිය සුවඳ සිඹ සි
ඹ දෑත් නළලෙහි වැඳ තබාගෙන
 පුංචි සුදු බුදු රුවට මුමුණන
 අද මෙන් මතුත් සැම දින 
බුදුන් නොව මගේ මවුන් වන්නට...........


කුරුටු ගෑවේ: ධනංජය දිසානායක

ඒකි එයි කියලා ඌ බලාගෙන ඉන්නවා...

වසන්තය ඉවර උණා...
පොළොව ආයෙත් කර්කශව ඉරි තැළුණා...
හීන පිපෙන වසන්තයේදි නාවට,
ඉරි තැලුණු ගිම්හානයේදි
වැටෙන වැහි බින්දුවක වගේ
ඒකි එයි කියලා
ඌ බලාගෙන ඉන්නවා...


කුරුටු ගෑවේ: තුශාර

Friday, August 23, 2013

ඔබ එන තුරු...

ඉඩෝරෙට වැස්ස වැහලා වැහල
 අන්තිමට අහසට ඉතුරු උනේ හිස් බවක් විතරයි...
 ඒත්...
ඒ වැස්සෙන් ඉරිතලුනු පොලොවට 
වතුර බිඳුවක්වත් උරා ගත්තේ නෑ කියලා
 දැනගත්තම ඒ අහසට ගොඩක් දුක දැනුනා... 
ඒත් අහස හීනියට හිනා වුනා... 
ඒ ආයෙත් පොලොවට 
වැස්සක් වැටෙන්න යනව කියල දැනුනම...
  ඒත්...
 ඒ වැස්ස අහසට අයිති නෑ කියන දේ 
අහස හොදටම දැනගෙන හිටියා....
 අයෙත් වැහි වලාකුලක් වත් නැති
 හිස් අහසට ඉරක් හඳක් පෑයුවා කියලා 
අහසට දැනෙන්නේ නෑ.... 
ඒ අහස එකම එක තරුවක් පායනකල් 
තාමත් බලාගෙන ඉන්න නිසා...

කුරුටු ගෑවේ:දිනු

Thursday, August 22, 2013

නුඹ දන්නවනම්...

ඔය ගිලිහෙන කඳුලු බිංදු
මං දන්නේ නැතුව නෙමෙයි
ඒත් ලඟින් හිඳන් නුඹේ
හිත හදන්න පිං නැති මං..
තනිවම ගුලිවී තනිකම
තුරුලු කරන් හඬන තරම්..
නුඹ දන්නවනම් ඒ ගැන
දුව විත් මා තුරුලට ගෙන
හිත සනසන සිප නලවන
මියුරු සොඳුරු හීන ලොවක්
හැම රෑකම දකිනව මං...


කුරුටු ගෑවේ:අංජලී සූරියබණ්ඩාර