Monday, August 15, 2011

සංසාර සිහිනය


විසල් සෙනෙහස පෙමක් වූ දින
සඳක් විය නුඹ මගේ ලෝකෙට
නීල නෙතු යුග පටලවා  එකිනෙක
කියන දෙය නෙත් කොණින්
හැඳිනෙමි ආදරය බව එය
පහන් සිත දැහැන් බිඳ
නුඹ ඇවිත් මගේ ලෝකෙට
සත්තයි සැලසුනා එදින සිට මගේ ලොවම
එදා සිට ඇදහුවෙමි 
ජීවිතය නුඹම බව
සිනහා වූවෙමි නුඹේ නෙතු ළඟ
පැතුම් පිරුවෙමි නුඹේ සිත ළඟ
තවත් පතන්නට පැතුම් මට නැත
පැතූව  එකම දේ හැමදාම නුඹම විය
ජීවිතය සුවඳ කළ ආදරය
නුඹම වී සංසාර සිහිනයට..................
කුරුටු ගෑවේ :ධනංජය දිසානායක

Sunday, August 14, 2011

ආදරෙයි මම හැමදාමත්....



ඔය දඟකාර හිත මගේ ළඟ නැවතුන හැටි...
හීනයකින්වත් නොපැතුව ආදරයක මම අතරමන් වුණ හැටි...
මතකයි ද තාමත්...?
හිත පුරාම ආදරය පිරිලා ඉතිරිලා යනවා..
ඔයා මගේ ළඟ නැතිව ගෙවන මේ දවස් මහමෙරක් වගේ...
නොදැකම ගෙවන මේ කාලයේ පවා ආදරය වැඩි වෙනවා
මොහොතින් මොහොත....
මට ඔයා ගැන හිතනවා ඇරෙන්න වෙන දෙයක් නැති තරම්...
ඉතින් අහිතක් හිතන්නෙපා මoගැන..
ආදරෙයි මo හැමදාමත්...
                                                                          
කුරුටු ගෑවේ:සෙව්වන්දි  කලංසූරිය

Tuesday, August 9, 2011

POST MORTEM

ගං දෑලේ හැපි හැපී පෙන පිඩිති නංවමින්
නිහඩවම නැවත දෙසට යන රලක් සේ
ඝනඳුරක් පැතිර යයි අහස්කුස දස දෙසින්,
නුඹේ ලොව මගෙ ලොව නොවන බැව් පවසමින්...!

තරු එලිය මට  එපා සඳම වී නුඹ එන්න ,
මල් සුවඳ මට එපා නුඹෙ සුවඳ මට දෙන්න,
පිනි පොදත් නවතින්න නුඹෙ කඳුලු මට බොන්න,
ජීවිතය නවතින්න අනේ නුඹ  මගෙ වෙන්න…!

සඳ එලියෙ මීදුමට නිල් අඹරෙ මම හැඩයි,
ජීවිතය කියාදුන් මවම හා නුඹ සමයි,
දසකුත් තරු අතත් වෙර දරන පායන්න,
කියාපන් කළණියේ හැකිද බං තරු වලට සඳක් වී පායන්න..?
බැහැනෙ බං අනේ ඔව් නුඹ අසමසමම මයි...!

බොඳව ගිය සිහිනයන් සියොලඟම දවාලයි,
කඳුලු වැල් අතර රැඳි මග සැනින් අඳුරු වෙයි,
හැඬු කඳුලු මදි තවම වේදනා සරිලන්න,
    දරනු වෙර කුමට මම නුඹ නැතුව හිනැහෙන්න...!


මිනිස් හඬ නොම වැකෙන පාලු මිටියාවතක,
ජීවිතෙ දැවී අළු වුණිය මගෙ චිතකයක,
හදපුරා තුටු වඩමි නුඹ නොමැති වූ ලොවෙක,
ආදරේ නිහඬ විය පාලු වූ සුසානෙක...!



කුරුටු ගෑවේ : ලලීන් කාවින්ද පල්ලෙගොඩ

Monday, August 8, 2011

මම ඔයාගෙමයි...


ආදරයේ තුහින මල් වැස්සේ තෙමි තෙමී..
උණුසුම් වු ඔය හුස්මේ හැන්ගී...
ආදරයේ සොඳුරු බව විඳගතිමි..
ආදරය යන නිමක් නොදකින අනන්තයේ
මා නෙත් පිය ගත්තෙමි...
ගුලි වෙලා තිබුණු හැඟුම් මල්වර වෙද්දී
ඔය පපුවට මම තවත් තුරුළු වීමි..
මගේ යැයි කීමට කිසිත් නැත මට..
හැමදාටම  මම ඔබේම වුණි..
ජීවිතේ තවත් කිසිවෙකුටත් පුද දිය හැකි යමක් නොමැත...
පවිත්‍ර වුත්, උත්තරීතර වුත් ඒ ආදරය ඔබට පුද දී 
අවසන්ය...
ජීවිතය තිබෙන තුරා මගේ බලපොරොත්තුව ඔබම පමණි....
සිතමි..
සැනසෙමි..
ඔබ නමින්....
ආදරය කරමි හැමදාටම
දෙනෙත් පෙති පියවෙන තුරා...,,,

කුරුටු ගෑවේ: සෙව්වන්දි  කලංසූරිය

Tuesday, August 2, 2011

ආදරෙයි මම තවම.......

හිත හෙව්ව ඔය සුවඳ
ආදරෙන් රැඳුණාම..
ළඟම හිඳගෙන හිඳිමි
සෙවනැල්ල වාගේම..

මුදු සුමුදු ආදරය
රළු පරළු වූවාම..
හිතට දුක දැනෙනවා
සියුමැලියි හිත තාම..

මුදු සුමුදු කෙළි කවට
සිනාකැන් දුටුවාම..
පිරෙනවා හිත් පොඩිය
ආදරෙන් නුඹ ගැනම..

ඇබිත්තක් තරහ වී
පොඩිත්තක් බැන්නාම..
හඬන්නේ ඒ නිසයි
ආදරෙයි මම තවම.......

කුරුටු ගෑවේ: සෙව්වන්දි  කලංසූරිය