Tuesday, August 9, 2011

POST MORTEM

ගං දෑලේ හැපි හැපී පෙන පිඩිති නංවමින්
නිහඩවම නැවත දෙසට යන රලක් සේ
ඝනඳුරක් පැතිර යයි අහස්කුස දස දෙසින්,
නුඹේ ලොව මගෙ ලොව නොවන බැව් පවසමින්...!

තරු එලිය මට  එපා සඳම වී නුඹ එන්න ,
මල් සුවඳ මට එපා නුඹෙ සුවඳ මට දෙන්න,
පිනි පොදත් නවතින්න නුඹෙ කඳුලු මට බොන්න,
ජීවිතය නවතින්න අනේ නුඹ  මගෙ වෙන්න…!

සඳ එලියෙ මීදුමට නිල් අඹරෙ මම හැඩයි,
ජීවිතය කියාදුන් මවම හා නුඹ සමයි,
දසකුත් තරු අතත් වෙර දරන පායන්න,
කියාපන් කළණියේ හැකිද බං තරු වලට සඳක් වී පායන්න..?
බැහැනෙ බං අනේ ඔව් නුඹ අසමසමම මයි...!

බොඳව ගිය සිහිනයන් සියොලඟම දවාලයි,
කඳුලු වැල් අතර රැඳි මග සැනින් අඳුරු වෙයි,
හැඬු කඳුලු මදි තවම වේදනා සරිලන්න,
    දරනු වෙර කුමට මම නුඹ නැතුව හිනැහෙන්න...!


මිනිස් හඬ නොම වැකෙන පාලු මිටියාවතක,
ජීවිතෙ දැවී අළු වුණිය මගෙ චිතකයක,
හදපුරා තුටු වඩමි නුඹ නොමැති වූ ලොවෙක,
ආදරේ නිහඬ විය පාලු වූ සුසානෙක...!



කුරුටු ගෑවේ : ලලීන් කාවින්ද පල්ලෙගොඩ

No comments: