Tuesday, August 2, 2011

ආදරෙයි මම තවම.......

හිත හෙව්ව ඔය සුවඳ
ආදරෙන් රැඳුණාම..
ළඟම හිඳගෙන හිඳිමි
සෙවනැල්ල වාගේම..

මුදු සුමුදු ආදරය
රළු පරළු වූවාම..
හිතට දුක දැනෙනවා
සියුමැලියි හිත තාම..

මුදු සුමුදු කෙළි කවට
සිනාකැන් දුටුවාම..
පිරෙනවා හිත් පොඩිය
ආදරෙන් නුඹ ගැනම..

ඇබිත්තක් තරහ වී
පොඩිත්තක් බැන්නාම..
හඬන්නේ ඒ නිසයි
ආදරෙයි මම තවම.......

කුරුටු ගෑවේ: සෙව්වන්දි  කලංසූරිය

No comments: