විසල් සෙනෙහස පෙමක් වූ දින
සඳක් විය නුඹ මගේ ලෝකෙට
නීල නෙතු යුග පටලවා එකිනෙක
කියන දෙය නෙත් කොණින්
හැඳිනෙමි ආදරය බව එය
පහන් සිත දැහැන් බිඳ
නුඹ ඇවිත් මගේ ලෝකෙට
සත්තයි සැලසුනා එදින සිට මගේ ලොවම
එදා සිට ඇදහුවෙමි
ජීවිතය නුඹම බව
සිනහා වූවෙමි නුඹේ නෙතු ළඟ
පැතුම් පිරුවෙමි නුඹේ සිත ළඟ
තවත් පතන්නට පැතුම් මට නැත
පැතූව එකම දේ හැමදාම නුඹම විය
ජීවිතය සුවඳ කළ ආදරය
නුඹම වී සංසාර සිහිනයට..................කුරුටු ගෑවේ :ධනංජය දිසානායක