Monday, August 15, 2011

සංසාර සිහිනය


විසල් සෙනෙහස පෙමක් වූ දින
සඳක් විය නුඹ මගේ ලෝකෙට
නීල නෙතු යුග පටලවා  එකිනෙක
කියන දෙය නෙත් කොණින්
හැඳිනෙමි ආදරය බව එය
පහන් සිත දැහැන් බිඳ
නුඹ ඇවිත් මගේ ලෝකෙට
සත්තයි සැලසුනා එදින සිට මගේ ලොවම
එදා සිට ඇදහුවෙමි 
ජීවිතය නුඹම බව
සිනහා වූවෙමි නුඹේ නෙතු ළඟ
පැතුම් පිරුවෙමි නුඹේ සිත ළඟ
තවත් පතන්නට පැතුම් මට නැත
පැතූව  එකම දේ හැමදාම නුඹම විය
ජීවිතය සුවඳ කළ ආදරය
නුඹම වී සංසාර සිහිනයට..................
කුරුටු ගෑවේ :ධනංජය දිසානායක

No comments: