Wednesday, August 21, 2013

කවි කම මාගේ අත් හළෙමි...

නුඹ ගැන කවියක් ලියන්න හිතුවා 
හැමදාමත් මම පෙර වාගේ...
කවි ලියු නුඹ ගැන කවි කියු නුඹ ගැන
කුමක් ලියන්නද මම ආයේ...
නුඹ ගැන පමණයි අද මා දන්නේ 
කවි ගැන නොදනිමි පෙර වාගේ...
පද ඇත කවි නැත සිත ගොලුවී ඇත
පෙරදා වාගේ අද ආයේ...

කවිසිත මගේ අද ගොලුවී ඇත
හේතුව දන්නෙ නුඹ පමණි...
මගේ සිත නුඹ වෙත ඈඳුණු දාසිට 
කවි කම මාගේ අත් හළෙමි..
සෙනෙහස නුඹගෙ කවියක් වූ දින 
කවිකම මාගේ මිය ඇඳුනි..
සෙනෙහසෙ කවියත් ජීවන කවියත්
නුඹ සමඟින් මම අද ගයමි...

No comments: