Monday, August 26, 2013

සඳ- ඇය සහ සපිරි ගෙය....

විලිදිය මතට සහසක් සියපත් පිපුණු 
කල් දිගු රැයක සෙනෙහස නිම් හිමි නොවුණු 
මේ සඳ පෙරදාක කවුළුවකින් පැමිණ
 මතකද නුඔට සෙවණැලි තැනුවා සොදුර...........

සිර කුටියට වුණත් සඳ එනවා තාම
 නුඔ නැති අඩුව පමණයි සිත ළඟ තාම
නෑවිත් ඉන්න කීවත් නොඅසන සීත
උණුසුම නැතිව දුක් වෙන හිත ළඟ තාම...............

තව දුර යන්න නුඔ හා සමඟින් එක් වී 
දුටු හීනයට ළං වෙන්න්ටවත් නොහැකී 
සත්තයි තුන් හිතේ නෑ අහිතක් ගෑවී 
සඳ නුඔ අළුත් අහසක පායාපන් හිනැහී.........

කුරුටු ගෑවේ: ධනංජය දිසානායක

1 comment:

amila chathuranga said...

අලුත් අහසක් කිය්නනෙ වෙනම ග්‍රහලෝකෙක අහසක්ද?
නැත්තං මේකම ආයිත් තින්ත ගාල ගත්තම එන අහසද?