නීල දියවර ගලන දෑසට
රැළිත්තක් විය හෙමි හෙමින් පැද්දෙන
කඳුළු මුතු කැට නඟන දෙනෙතට
මදහසක් විය සිරිය කැන්දන
සිරුර සරනා රුධිර බිඳු ගෙන
කිරි කඳුළු කොට පෙවූ නුඹ ගැන
ගලපන්නේ පද කෝම තව තව
නෙතේ කඳුළැල් බොඳව යන කළ
සිරීපාද කඳු මුඳුන පෙනි පෙනී
පාද පද්මය නොවැද ආවෙම
කුසෙහි වැඩෙනා බිළිඳු හීනෙක
කාන්සියක් හෙම දැනෙයි කියලද
පාද පද්මය නොවැද ආවට
පව් පිරෙන්නෑ අම්මේ නුඹ හට
නුඹේ හිතේ ඇති පුණ්‍ය මහිමය
නොමිනිසුන් නොව බුදුන් ඇති කළ
කණාමැදිරි එළියකුඳු නැති ගෙපැළ
එළිය කළ සඳ වතුර විය
නුඹේ නෙත් බැල්ම
කලාවැවේ දිය පොදට වඩා නුඹ
සිසිල් විය දැවී සැලෙනා සිතට
හමන අරලිය සුවඳ සිඹ සි
ඹ දෑත් නළලෙහි වැඳ තබාගෙන
පුංචි සුදු බුදු රුවට මුමුණන
අද මෙන් මතුත් සැම දින
බුදුන් නොව මගේ මවුන් වන්නට...........
කුරුටු ගෑවේ: ධනංජය දිසානායක
1 comment:
ලස්සන කවි.
ඇයි දිගටම ලියන්නැත්තේ.............
Post a Comment