Tuesday, July 12, 2011

පුංචි පළඟැටියෝ,.....

පුංචි පළඟැටියෝ,
දන්නවද?
මගේ එළියෙන් දිළෙන
නුඹෙ නෙතු යුග දෙස බලන්
මා මවන කප්පරක් මිණි මුතු මාළිග...

මට බයයි
නුඹට රිදෙයි
දැනුනොත් මා දැවෙන උණුසුම
ළං උනොත් මගෙ ළඟට...

නුඹට රිද්දන
මටත් දුක් දෙන
ඒ එළියෙන්,
සඳ තරු සොයන උන්ගේ
අඳුර දුරලනු කිම මම...

නිවී යමි,
අඳුරු තනිකමට හුරු වෙන්නම් මම...
විශ්වාසයි,
හුරුබුහුටි කටකාර නුඹ
තනි නොවේවි කිසි දින...

අඳුරුයි නේද අද මම?
ත‍ටු සළා පියඹන්න තව දුර
.....
තවත් දුර ඈතටම
සැනසෙන්න නුඹ ගැන සිතා වත්
ඇවිදින්න නොහැකි මට..

No comments: