Tuesday, July 19, 2011

සත්තමයි.............

"ඔය දඟකාර හිත
මගේ ලඟ නතර වෙච්ච දවසේ
ජීවිතේට ආදරය එක් වුණා
සත්තමයි...
ආදර හීනයට නතුවෙලා
රහස් කවි මුමුණද්දී
සපථ වු ජීවයම
භාවනවක් වුණා
සත්තමයි...
කඳුලු කැට බොඳව යන
හීනයක තුන්යමේ
දෙනෙත් පෙති රතු වෙද්දී
කඳුලත් භාවනාවක් වුණා
සත්තමයි...
සදකල් උරුම වු තනිය ළඟ 
ඔය දඟකාර රුවම
ජීවිතයට බාධාවක් වුණා
සත්තමයි............."

කුරුටු ගෑවේ: සෙව්වන්දි  කලංසූරිය

No comments: