Wednesday, July 13, 2011

මමත් ආසයි.....

මමත් ආසයි
ඔයාගෙ අත අල්ලගෙන උජාරුවෙන් ව්ගේ
පාරේ ඇවිදන් යන්න....
අතර මගදි හම්බෙන අයට
බලෙන් වගේ හායි කියන්න!
කේ.එෆ්.සී එකට වෙලා
ඔයා එක්ක සබ්මැරීන් කාලා
පෙප්සී බොන්න!
ලස්සන හැන්දෑවක
මුහුදු වෙරළේ ඔයා එක්ක
දොඩමලු වෙන්න!
මේ ඔක්කොම මට පුලුවන්!
සතියකට පන්සියයක් කුඩු කරගන්න.
නමුත් මට බෑ........
ඔයා මගේ වෙලා
දුක් විඳිනවා,
බලන් ඉන්න!



කුරුටු ගෑවේ: සමීර ආර්. මෙන්ඩිස්

No comments: