Thursday, July 21, 2011

මිරිඟු ආදරය

නිල් අහසක් තරමට
කල ආදරය
මිරිඟුවක් වුයේ ඇයි
මා නෙත් අබියසය.......


මුව පොව්වෙකු මෙන්
ඒ නොලබෙන ආදරය
පසුපස ගිනි කාස්ටකයේ  දිව්වේ
ඒ ආදරය නොලැබෙන බව
දැන දැනය............


දැනුදු පෙරසේම
පෙනෙයි ඒ මිරිගුවම
නමුදු දනිමි මා
හති දමා දිව්වත්
නොලැබෙන බව ඒ 
මිරිඟු ආදරය.........


කුරුටු ගෑවේ:  කුශාන් පතිරණ

No comments: