Wednesday, July 27, 2011

කඳුල - ආදරය

නෙත් 
අග්ගිස්සෙන් 
වැටෙනා
සෑම 
කඳුලකම 
ආරම්භය 
ආදරයයි....

කුරුටු ගෑවේ:  කුශාන් පතිරණ

Sunday, July 24, 2011

කවදාද.....

ලියන්නට කවියක්
නුඹ ගැන එක් දිනෙක
ඇසෙන්නට ලොවටම
කියන්නට ඒ කවිය
හැකිවන්නේ කවදාද
අහිංසක මෙමං හට....
නොඉවසිල්ලෙන් දෑස් දල්වා බලා හිදිමි
උදාවනතුරු
ඒ ආදරණීය දිනය......

කුරුටු ගෑවේ:  කුශාන් පතිරණ

Saturday, July 23, 2011

පසු වදන...

දුක හිතෙන ඇස් අරන්
මගේ හිත අද්දරින්
සැරිසරන නුඹ ගැනම
මහ හුඟක් දුකයි මට....

නුඹ වගේමයි මමත්
අහිමි දුක හිත දරන්
දෙනෙත් පෙති පියන් ඉමි
නොපෙනෙන්න ඔය නුවන්....
 
 කුරුටු ගෑවේ:අංජලී සූරියබණ්ඩාර

Friday, July 22, 2011

නුඔට...................

නිල් අහස තරු වියන බෝ දුරයි හිතෙනවා

සිනා කැන් දඵ දාපු මතකයන් මැවෙනවා
විඳින්නේ ජීවීතේ හැබෑවයි දැනෙනවා
දුක සැපට ළඟ උන්නු රුවක් සිත සොයනවා

තරු කැට දිලි නුවන් මට බොරු කළාදෝ
සෙහෙහසින් කළ දෑ නුඹට නොපෙනුණාදෝ
හිත් නැති සිතුවමක් මට හමු වුණාදෝ
කවි සිතක් මෙතරම්ම නපුරු වුණාදෝ

ඇත්ත ඇති සැටියෙන්ම මියදෙන්න ඉඩ හරිමි
රිදෙන ඔය මතකයෙන් සදහටම දුරස් වෙමි
දුක සිතෙන නුඹෙ නෙතට යලි කදුලු බිඳු නොදෙමි
සියලු දුක් මම රුගෙන සුසුමක්ව පලා යමි

තබන හැම පියවරක් පාසා මල් පියලි මැවීයන්
හැමදෙනා මියැසි කැල සේ ළඟම රුඳීයන්
මෙදියතේ හැම සැපම සිත් පුරා ලැබීයන්
පොඩි හිතට දුක් කඳුලු කිසිත් නොම දැනීයන්

කුරුටු ගෑවේ:  ධනංජය

Thursday, July 21, 2011

මිරිඟු ආදරය

නිල් අහසක් තරමට
කල ආදරය
මිරිඟුවක් වුයේ ඇයි
මා නෙත් අබියසය.......


මුව පොව්වෙකු මෙන්
ඒ නොලබෙන ආදරය
පසුපස ගිනි කාස්ටකයේ  දිව්වේ
ඒ ආදරය නොලැබෙන බව
දැන දැනය............


දැනුදු පෙරසේම
පෙනෙයි ඒ මිරිගුවම
නමුදු දනිමි මා
හති දමා දිව්වත්
නොලැබෙන බව ඒ 
මිරිඟු ආදරය.........


කුරුටු ගෑවේ:  කුශාන් පතිරණ

Tuesday, July 19, 2011

සත්තමයි.............

"ඔය දඟකාර හිත
මගේ ලඟ නතර වෙච්ච දවසේ
ජීවිතේට ආදරය එක් වුණා
සත්තමයි...
ආදර හීනයට නතුවෙලා
රහස් කවි මුමුණද්දී
සපථ වු ජීවයම
භාවනවක් වුණා
සත්තමයි...
කඳුලු කැට බොඳව යන
හීනයක තුන්යමේ
දෙනෙත් පෙති රතු වෙද්දී
කඳුලත් භාවනාවක් වුණා
සත්තමයි...
සදකල් උරුම වු තනිය ළඟ 
ඔය දඟකාර රුවම
ජීවිතයට බාධාවක් වුණා
සත්තමයි............."

කුරුටු ගෑවේ: සෙව්වන්දි  කලංසූරිය

Saturday, July 16, 2011

තනිකඩයා

ගන්න ඕනෙ
තව කඩයක්.
මේ කඩයේ
ඉඩ මදි දැන්!


කුරුටු ගෑවේ: සමීර ආර්. මෙන්ඩිස්

Wednesday, July 13, 2011

මමත් ආසයි.....

මමත් ආසයි
ඔයාගෙ අත අල්ලගෙන උජාරුවෙන් ව්ගේ
පාරේ ඇවිදන් යන්න....
අතර මගදි හම්බෙන අයට
බලෙන් වගේ හායි කියන්න!
කේ.එෆ්.සී එකට වෙලා
ඔයා එක්ක සබ්මැරීන් කාලා
පෙප්සී බොන්න!
ලස්සන හැන්දෑවක
මුහුදු වෙරළේ ඔයා එක්ක
දොඩමලු වෙන්න!
මේ ඔක්කොම මට පුලුවන්!
සතියකට පන්සියයක් කුඩු කරගන්න.
නමුත් මට බෑ........
ඔයා මගේ වෙලා
දුක් විඳිනවා,
බලන් ඉන්න!



කුරුටු ගෑවේ: සමීර ආර්. මෙන්ඩිස්

Tuesday, July 12, 2011

පුංචි පළඟැටියෝ,.....

පුංචි පළඟැටියෝ,
දන්නවද?
මගේ එළියෙන් දිළෙන
නුඹෙ නෙතු යුග දෙස බලන්
මා මවන කප්පරක් මිණි මුතු මාළිග...

මට බයයි
නුඹට රිදෙයි
දැනුනොත් මා දැවෙන උණුසුම
ළං උනොත් මගෙ ළඟට...

නුඹට රිද්දන
මටත් දුක් දෙන
ඒ එළියෙන්,
සඳ තරු සොයන උන්ගේ
අඳුර දුරලනු කිම මම...

නිවී යමි,
අඳුරු තනිකමට හුරු වෙන්නම් මම...
විශ්වාසයි,
හුරුබුහුටි කටකාර නුඹ
තනි නොවේවි කිසි දින...

අඳුරුයි නේද අද මම?
ත‍ටු සළා පියඹන්න තව දුර
.....
තවත් දුර ඈතටම
සැනසෙන්න නුඹ ගැන සිතා වත්
ඇවිදින්න නොහැකි මට..